Wednesday, September 9, 2015

පිටසක්වළ ජීවය සොයා ගිය ගවේෂකයෝ

ක්ෂීර පථය කියන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණියටයි.
තවත් මන්දාකිණි බිලියන ගණනාවක් විශ්වයේ තියෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි.
අපේ චක‍්‍රාවාටය කෙතරම් විශාල ද යත් ඒ හරහා යන්නට ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් ආලෝක වර්ෂ අවුරුදු ලක්ෂයක් පමණ ගත වෙනවා.
ආලෝක වර්ෂයක් යනු ආලෝකය වසරක් තිස්සේ ගමන් කරන දුරයි.
ඒ දුර කිලෝ මීටර 9.4607 *1012 කි. (එනම් දළ වශයෙන් සැතැපුම් මිලියන මිලියන හයකි.) මෙය අති විශාල ප‍්‍රදේශයක් නිසා ඒ පුරා විසිරී පිහිටා ඇති ග‍්‍රහයන්, උපග‍්‍රහයන් හා චන්ද්‍රයන්ගේ විවිධාකාරයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කෙරෙනවා.
ඒ ගැන ගවේෂණය කරමින් දැනට ඈත විශ්වයේ ගමනේ යෙදෙන ගවේෂණ යානා 4 ක් තියෙනවා.
ඒවා තමයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගත කර ඇති පයනියර් 10 සහ 11 යානාත්, වොයේජර් 1 සහ 2 යන යානා.
මෙම යානාවල පෘෂ්ඨයේ රූප සටහන් ඇඳ තිබෙනවා. එහි අරමුණ පෘථිවියේ වාසය කරන බුද්ධිමත් ජීවීන් වන අප ගැන විස්තර අප හා සමාන බුද්ධියක් හෝ අපට වඩා බුද්ධි මට්ටමකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක් ඇත්නම් ඒ ඔවුන්ගේ දැනගැනීම පිණිසයි.


No comments:

Post a Comment