Saturday, September 5, 2015

අබිරහස් සංඥාව ගැන උනන්දුවක්

මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා.
ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා.
මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා.
එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි.
”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න”
1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද?
එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද?

No comments:

Post a Comment