Monday, September 14, 2015

අප දන්නා තාක්ෂණය අනුව පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම්

1) දුර සීමාව

බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවිය‍ට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය.

2) ආයු සීමාව

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.

3)ඉන්ධන සීමාව

විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා කිරීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්ති‍ය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

No comments:

Post a Comment