1968 වන විට ජොසලීන් බෙල්ට ලැබුණු LGM සංඥාවලට පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධයක් නැති බව තහවුරු වුණා.
ඒ වසර තුළ දී පමණක් LGM සංඥාවලට සමාන සංඥා නිකුත් කරන වස්තූ ගණනාවක් ම සොයා ගනු ලැබුවා.
ඒවා නිකුත් වෙන්නේ ඉතා වේගයෙන් භ‍්‍රමණය වන නියුට්‍රෝන තාරකාවලින්.
අති ප‍්‍රබල ගුවන්විදුලි තරංග නිකුත් කරන ඒවා හැඳින්වෙන්නේ පල්සර් (Pulsar) කියායි.
විකිරණශීලී නියුට්‍රෝන තාරකාවල ජීවීන් සිටිත්දැයි විමසීම නිෂ්ඵල කාර්යයක්.
ඒ කෙසේවුවත් බෙල්ගේ හා හෙවිෂ්ගේ මෙම සංඥා සොයා ගැනීමෙන් ඒවා පිටසක්වළ ඉන්නා බුද්ධිමත් ජීවීන් නිකුත් කරන ඒවාදැයි සිතන්නට කවුරුනුත් පෙලඹුණේ එකල පැවති වාතාවරණය අනුවයි.
ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර වසර 10ක්වත් ගත වී තිබුණේ නෑ.
ඒ වන විට ‘අභ්‍යවකාශ යුගය’ ආරම්භ වෙලා ලෝකයේ කාගේත් උනන්දුව ඒ වෙත යොමු වෙලා තිබුණා.
අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යන්න පටන් අරන් තිබුණා. මිනිසුන් රහිත යානා ග‍්‍රහයන් වෙත යවා තිබුණා.
‘ස්ටා ටේරක්’ හා ‘ලොස්ට් ඉන් ස්පේස්’ වැනි රූපවාහිනී විද්‍යා ප‍්‍රබන්ධවලින් සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් තුළ පවා විශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබුණා.
විශ්වයේ නව ගවේෂණ කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන් අතර ලොකු උද්යෝගයක් හා තරගයක් ආරම්භ වී තිබුණා.
මෙවන් තත්වයක් යටතේ පල්සර් තරුවලින් නිකුත් වූ විකිරණ තරංග බුද්ධිමත් ජීවීන්ගෙන් ලැබුණු සංඥා ලෙස වරදවා වටහා ගනු ලැබුවේ එදා පැවති තත්වය අනුවයි.
No comments:
Post a Comment