Tuesday, September 29, 2015

බෞද්ධ සාහිතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බඹලොවට,දෙව්ලොවට වැඩිය බව සඳහන් වේ.බුදුරජාණන් වහන්සේ වැනි මානසික ශක්තියෙන් ඉහලම තලයකට පැමිණි අයෙකුට මෙම "මාන"නම් බාධකය ජය ගත හැක.



බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

ඒවා වන්නේ නරකය,
  • තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
  • මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)
  • බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.
  • පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
  • පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
  • වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
  • අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
  • ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි

ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා.
එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා.
ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්‍ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි.
එබදු ලෝක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි.
චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්‍රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලෝකධාතුව නමි වෙ.
මහා සහශ්‍රී ලෝකධාතුව යනුද මෙයයි.
ඉතින් මේ අනුව පිටසක්වල ජීවීන් පෘථිවිය තුලින් එන බවට කියන විශ්වාසය අපිට බැහැර කරන්නත් බැහැ. මොකද පෘථිවිය තුල තව ලෝකයක් ඇති බවටත් මේ මෑතකදි තොරතුරු වාර්තා උනා.



No comments:

Post a Comment