Thursday, September 10, 2015

‘වොයේජර්’ හා ‘පයනියර්’ යානා

අභ්‍යවකාශයේ ඈත කෙළවර බලා යන වොයේජර් සහ පයනියර් යානා ගමන් කරන්නේ පැයට සැතපුම් දස දහසක වේගයකිනි.
මේ ගවේෂණ යානා 4 අතරින් වඩාත් වේගයෙන් ගමන් කරන්නේ වොයේජර් 1 යානයයි.
එහි වේගය පැයට කිලෝමීටර 64,000 කි.
පයනියර් යානාවල පෘෂ්ඨයේ මතුපිට ගැහැනියකගේ සහ පිරිමියකුගේ රූප සිතුවම් කර තිබේ.
එමෙන්ම එම යානා සෞර ග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය නමින් හැඳින්වෙන ග‍්‍රහලොවේ සිට පැමිණෙන යානා යැයි විස්තර ලියා තිබේ.
වොයේජර් යානා පිටසක්වළ ජීවීන් වෙනුවෙන් රැගෙන යන්නේ මීට වෙනස් ආකාරයේ පණිවිඩයකි.
ඒවායේ රන් ආලේපිත තඹ තහඩුවකින් ආවරණය කළ පටි ගත කරන හා වාදනය කරන යන්ත‍්‍රයක් (ටේප් රෙකෝඩරයක්) බැගින් ඇත.
ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා 60 කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. පෘථිවියේ වෙසෙන සතුන්ගේ හඬවල්ද එහි ඇත.


No comments:

Post a Comment