Tuesday, September 29, 2015

බෞද්ධ සාහිතයේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදීම බඹලොවට,දෙව්ලොවට වැඩිය බව සඳහන් වේ.බුදුරජාණන් වහන්සේ වැනි මානසික ශක්තියෙන් ඉහලම තලයකට පැමිණි අයෙකුට මෙම "මාන"නම් බාධකය ජය ගත හැක.



බුදු දහමෙ වර්ගිකරණයට අනුව එක් සක්වලක් (මෙක ලෝක ධාතුවක් කියලයි හදුන්වන්නේ) හෙවත් එක් ඉරකින් හා හදකින් එලිය වෙන එක ලෝකධාතුවක සත්ත්වයින් ජීවත් වන භුමි 31 ක් ඇති බව කියල තියෙනවා. ඒ කියන්නේ අපේ මෙ ඉරින් හා හදින් අපේ ලෝකය ආලෝකමත් වෙනවා වගේ තවත් ජිවින් ජිවත් වන භුමි 31 ක් අපේ මෙ ඉරෙන් හදෙන් ආලෝකය ලබනවා කියන එකයි.

ඒවා වන්නේ නරකය,
  • තිරිසන්යොනිය, ප්‍රේතවිශය, අසුරකාය කියා අපාය ලෝක 04 යි.(දුගති භූමි 04)
  • මනුෂ්‍ය භූමිය, චතුර්මහාරාජික භුමිය, තාවතිංස භුමිය, යාම භුමිය, තුෂිත භුමිය, නිර්මාණ රති භුමිය, පරනිර්මිත වශවර්තිභුමිය යනුවෙන් කාම සුගති භුමි හතයි.(07)
  • බ්‍රහ්මපාරිසජ්ජය, බ්‍රහ්මපුරෝහිතය, මහාබ්‍රහ්මය යැයි ප්‍රථම ධ්‍යාන භුමි 03 යි.
  • පරිත්තාභය, අප්පමාණභය, ආභස්සරය යැයි ද්ව්තිය ධ්‍යාන භුමි 03 කි.
  • පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්ණය යැයි තෘතිය ධ්‍යාන භුමි 03 යි.
  • වෙහප්ඵලය, අසඤ්ඤසත්තය යැයි චතුර්ථ ධ්‍යාන භුමි 02 කි.
  • අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිටිඨ යනුවෙන් සුද්ධාවාස භුමි 05 කි.
  • ආකාසානඤ්චායතනය, විඤ්ඤාණඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය, නෙවසඤ්ඤානාසඤ්ඤායතනය යනුවෙන් අරුපාවචර භුමි 04 කි

ලෝකය යන්නෙහි විශාලත්වය පිළිබදව හොද විස්තරයක් අංගුත්තර නිකායේ, නිකනිපාතයේ, ද්විතීය පන්නාසකයේ, ආනන්ද වග්ගයේ 10 වන සුත්‍රයේ දක්වලා තියෙනවා.
එහි සදහන් වන ආකාරයට, එක ඉරකින් හා හදකින් ආලෝකමත් වන ඉහතින් විස්තර කරපු භුමි 31 කින් යුක්ත වන ස්ථානයක් එක ලෝක ධාතුවක් යනුවෙන් හදුන්වනු ලබනවා.
ඒ අනුව පැහැදිලි වන්නේ අපාය ලෝක හා දිව්‍ය ලෝක සියල්ල අපේ මෙ පෘථිවි පෘශ්ඨය අවටම පිහිටලා තියෙනවා කියන එකයි.
එබදු ලෝක ධාතු 1000 ක් සහශ්‍රී ලෝක ධාතුවක් යනුවෙන් දක්වලා තියෙනවා චුලනි ලෝක ධාතු යනුවෙන් හදුන්වන්නේත් මෙයයි.
චුලනි ලෝක ධාතු 1000ක් 1000 සින් වැඩිකල විට (ලෝක ධාතු දසලක්ෂයක්) එය ද්වි සහශ්‍රි ලෝක ධාතු යනුවෙන් දක්වා ඇත මධ්‍යම ලෝක ධාතු යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මෙ මධ්‍යම ලෝක ධාතුව 1000 සින් වැඩි කල විට ලැබෙන ලෝක ධාතු (කොටි ලක්ෂය) ත්‍රිසහශ්‍රී ලෝකධාතුව නමි වෙ.
මහා සහශ්‍රී ලෝකධාතුව යනුද මෙයයි.
ඉතින් මේ අනුව පිටසක්වල ජීවීන් පෘථිවිය තුලින් එන බවට කියන විශ්වාසය අපිට බැහැර කරන්නත් බැහැ. මොකද පෘථිවිය තුල තව ලෝකයක් ඇති බවටත් මේ මෑතකදි තොරතුරු වාර්තා උනා.



Monday, September 21, 2015

Sumerian Anunnaki




Cylinder of Adda (Fg. 1-1)

Ancient Sumerian texts define the Anunnaki as "those who from heaven to Earth came" described as royal blood descending from the heavens and in certain contexts, the fallen angels or Nephilim. By comparative religions, it's believed the book of Genesis (600 BCE) was extrapolated from the Sumerian Epic of Creation believed to occur between 6000-8500 BCE. Records are also filled with great details of Anunnaki depicted as watchers, evident in later Biblical texts by Daniel and Jubilees. The ancient Sumerians sometimes described these deities as proprietors of mineral extractions from Earth, using the human race to replenish invaluable resources on the angel's home planet according to some researchers. Anunnaki were a heavenly council of seven, which may be interpreted as the first known written record referencing organized sons of god.

By historical accounts, the Anunnaki were the Gods & Goddesses who met occasionally in the heavens to indirectly determine the fate of mankind if by no fault of their own. Abraham's father Terah is considered as one who served the fallen angels, as the sons of the gods/goddesses, found in Psalms with reference to the Nephilim. Sharing part of the Babylonian creation myth as the children of Anu and Ki, the Anunnaki are associated with Earth's fate in Zecharia Sitchin's stories of Planet X (Nibiru, the 12th planet), and its return to over a long elliptical orbit. The Hopi tribe believe in a similar prophecy called the Blue Kachina, a time when the star people return to oversee a changing cycle of life on Earth.

When examining mysterious Anunnaki artifacts one might notice a unique resemblance to Egypt's interpretations of gods and goddesses. Angelic characteristics, the sun disc, and stories of the afterlife from the Book of the Dead hint strongly at an ancient Sumerian influence. Exactly how the Egyptians were in contact with the Sumerians, or which civilization was established first remains largely in debate. Archaeological evidence does propose both cultures may have coexisted during a period around 3,000 to 5,000 years ago by examining Mesopotamian temples and their distinct relation to Mastabas of the first and second Egyptian dynasties. There are several Egyptian artifacts which bare concepts of the Sumerian culture, yet there are also indications suggesting the possibility Egypt may have influenced Sumer during their state of unification. Historical time-lines show the Egyptians established foreign trade routes, secured precious stones, and designed sophisticated structures well before Sumerians. Yet, dating when the Sumerian epics took place establishes a time well before the settlement of Nineva 8,000 years ago by a culture who shares similar characteristics as both Egyptians and Sumerians, the Assyrians.

Other Informations : Sumerian Anunnaki

Aliens & Ancient Astronauts


Digging deep into history as far as physical record and verbal legend allows, a great amount of astonishing literature and artifacts uncovered depict how ancient civilizations were much more technologically advanced than ever imagined.


Japanese Dogu (Fg. 1-0)

Piles of evidence suggesting our ancestors once communicated with beings from the sky is continuously being discovered and changing the world as we understand it.
Stories and legends across multiple ancient cultures seem to point toward similar concepts and perceptions of reality even in scenarios where our ancestors are believed to have never interacted with each other.
One critical and important reoccurring theme spanning different civilizations refers to beings visiting Earth from the skies above.
Many of the cultures have carvings, glyphs, and relics which demonstrate with modern interpretation that they might have been interacting with astronauts of some kind, alien to planet Earth. Ancient astronaut relics shockingly portray modern space and diving outfits as well as many, what we currently know as, modern technologies.
Are these artifacts evidence of aliens? The historical accounts, alien relics, and ancient structures sometimes suggest indication the possibility ancient technologies were beyond those of current capability.
Combining all of the documented research material into a giant unified theory is steadily proving that our ancestors knew and possessed greater knowledge and capabilities than due credit given. Below is a list of articles relating specifically to prominent ancient alien and ancient astronaut theories and concepts.

Other Informations : Aliens & Ancient Astronauts

Friday, September 18, 2015

AREA 51 හෙවත් රහසිගත වු 51 වැනි කලාපය ගැන ඔබ දන්නවද ?


<<< ප්‍රසිද්ද පින්තුර >>>










මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...
අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න....


AREA 51 හෙවත් රහසිගත වු 51 වැනි කලාපය ගැන ඔබ දන්නවද ?



කොහොමද කට්ටියට අද මන් කියන්න යන්නේ පොඩි වෙනස් දෙයක් ඕගොල්ලෝ දන්නවනේ AREA 51 ගැන මන් හිතන්නේ නොදන්නා කෙනෙක් නෑ කමක් නෑ මන් කියන්නම්කො දන්නැති අයටත්.හැබැයි මන් කියන්න යන්නේ area 51 ගැන නෙමෙයි ඊට කලින් මේ area 51 කියන්නනේ මොකක්ද කියලා බලමු...


area 51 කියන්නේ ඇමරිකාවේ තියන ගුවන්හමුදා කදවුරක් මේක තියෙන්නේ ඇමරිකාවේ නෙවටා ප්‍රාන්තයේ ලාස් වෙගාස් අගනගර බලප්‍රදේශයේ මොජාපය නම් කාන්තාර ප්‍රදේශක (මං ඉතින් මේ ඔක්කොම කිව්වට අපි ඉතින් හොයාගෙන යන්නද නේ )මේ ගුවන්හමුදා කදවුරේ සේවකයින් 3000-3500 අතර පිරිසක් ඉන්නවලු .(මං ඉතින් දැක්කේ නැනේ ) හරි හරි දැන් අපි ඔක්කොම දන්න දේ තමයි මේ කදවුරේ පිටසක්වල ජීවින් ගැන පරේෂණ කරන බව කියන එකයි ඒ අය එක්ක සබදතා පවත්වා ගෙන යනවා කියන එකයි . නමුත් මං කියන්නේ ඒ සියල්ල බොරු කියන එකයි  හෝව් හෝව් ..... කලබල වෙන්න එපා . මම එහෙම හිතන එකට හේතු මං දෙන්නම්...

U-2 spyplane නැමති ගුවන් යානාව.




මුලින්ම ඕගොල්ලෝ මගෙන් අහන්න යන්නේ මොකක්ද කියලා මං දන්නවා area 51 එකේ ඉන්න අය ඇයි කදවුරෙන් එලියට එන්නත්තේ කියන එකනේ .ඔක්කොලම හිතන් ඉන්නේ ඒ පිටසක්වල ජීවින් ගැන තියන තොරතුරු එලියට එයි කියන එක නේ . මන්නම් හිතන්නේ එක නෙමෙයි . මේ කදවුර තියෙන්නේ කාන්තාරයක් මැද. එකේ ඉන්න සේවකින් දිනපතා යන එන එක කරදරයක් අනිත් එක තමයි අපි හැමෝම  දන්නේ  ඒ අය කදවුරට යන්නේ තමන්ගේ පවුලත් එකක් සදහටම එකට හේතුව නම් මේ කදවුරේ රහසක් තියෙන්න.......

F-117A ගුවන් යානාව



මම කලින් කිව්ව ඒ අපි නොදන්නා රහස වහගන්න තමයි අදිඅරක්ෂක කලාපයක් කරලා කාන්තාරයක් මේ කදවුර තියෙන්නේ.
ඕගොල්ලෝ දන්නවද කිසිම ගුවන්යනයකට මොනම හදිසියකටවත් ඒ කදවුරට ගොඩබස්සන්න බෑ. තහනම් .
ඕගොල්ලෝ දැන් කියයි ඉතින් ඒ රහස තමයි පිටසක්වල ජීවීන් කියලා නැහැ මේ area 51 මිනිසුන් නොමග යවලයි තියෙන්නේ ඒ සදහා ශුක්ෂම විදියට ඒ අය ශාක්ෂි දීල තියෙන්නේ නොමග යවන්න.
ඕගොල්ලෝ දන්නවනේ ප්‍රසිද්ද පින්තුර ටිකක් තියනවනේ area 51 එකේ .

පොඩ්ඩක් හිතන්න මේ අදිඅරක්ෂිත කලපයක්නම් කව්ද මේ පින්තුර ගත්තේ...???


මේ ගැන හැමෝගෙම ගාව වැදගත් තොරතුරු අනිවා ඇති...
අදහසක් දාන්න වගේම තවත් තොරතුරු ඇතිනම් එකතු කරලාම යන්න....

Thursday, September 17, 2015

ආදි පිටසක්වළයන් මෙහි පැමිණ විශ්මිත නිමැවුම් සිදුකලේ ද ?


1969 පළවූ වොන් ඩැනිකන් නම් ග්ර න්ථ කතුවරයාගේ “Chariots of gods”නම් කෘතිය තුළ ඊඡිප්තුවේ පිරමීඩ,එංගලන්තයේ ස්ටෝන් හෙන්ඡ් (Stone henge ) නම් පාෂාණ ,ඇමරිකා එක්සත් ඡනපදාය් මෙසා පර්වතය,ඊස්ටන් දිවයිනේ ගල් ප්ර්තිමා ඇතුළු තවත් ස්ථාන කිහිපයක් පෘථිවි මිනිසා පිටසක්වළ ඡීවීන් සමග සම්බන්ධතා පැවැත්වීම සම්බන්ධයෙන් සාක්ෂි දරන බව පැවසේ.


වැඩි විස්තර සදහා මෙතනින් පිවිසෙන්න.

ෆිල්ම් එක බාගන්න මෙතනින්.

Monday, September 14, 2015

1938 දී පුරා විද්යාළඥයෙකු වන චයි පූ තෙයි(Chi Pu Tei)විසින් ටිබෙට් දේශ ශීමාවේ පිහිටි බයියන් කාරා උලා කඳු නිම්නයේ අද්භූත ආකාරයෙන් පිහිටා ඇති ගල්ගුහා කිහිපයක් සොයා ගත්තේය.
සමහර ගල් ගුහා තුළ සිතුවම් දක්නට ලැබිණ.
මෙම සිතුවම් හෙල්මට් වැනි හිස්වැසුම් පැළඳ සිටි ඡීවීන් මෙන්ම තරු , චන්ද්‍රයා සහ සූර්යයා සම්බන්ධ සිතුවම්ද විය.
වඩා වැදගත් වූයේ මින් එක් ගල් ගුහාවක් තුළ විශාල හිස්කබලක් සහිතව කුඩා ඇටසැකිල්ලක් හමුවීමය.
එම ගුහා තුළින්ම ශබ්ද පටිගත කරන තැටියක හැඩය ඇති සංඥා පුවරුවක් 1962 දී විමර්ශනයට ලක් කල මහාචාර්යය සුම් උම් නුයි (Sum Um Nui) එහි සඳහන් කරුණු පරිවර්ථනය කිරීමට සමත් වූවේය.
එහි අඩංගු වූයේ මීට අවුරුදු 12000 කට පෙර යම් ඡීවී කණ්ඩායමක් ඔවුන්ගේ යානයේ වූ දෝශයක් නිසා මෙම සෞරග්රවහ මණ්ඩලයේ තෙවන ග්‍රහලෝකයට ගොඩබැස්ස බවය.
ඔවුන්ගේ යානය ප්රයතිසංස්කරණය කළ නොහැකි වූ බැවින් අසල කඳු වල ඡීවත් වූ ගෝත්රිඔක කණ්ඩායම් සමග මිත්‍ර වීමට මෙම ඡීවීන් උත්සාහ කොට තිබේ.
නමුත් මෙම ඡීවීන් තුලින් දිස්වූ මානව නොවන ස්වරූපය නිසා මොවුන්ව ගෝත්රිසකයන් විසින් මරා දමා තිබේ.


අප දන්නා තාක්ෂණය අනුව පිටසක්වළ ජීවීන් අති විශාල දුරක සිට පෘථිවිය සොයා පැමිණීමේදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම්

1) දුර සීමාව

බුද්ධිමත් ජීවීන් ජීවත් විය හැකි ග්‍රහ පද්ධතියක් දරන තාරකා පෘථිවිය ආසන්නයේ පිහිටා නොමැත.එවැනි තාරකාවකට ඇති දුර පෘථිවියේ සිට ආලෝක වර්ෂ දස දහස් ගණනක් විය හැක.එමනිසා එම තාරකාවක සිට පෘථිවිය‍ට පැමිණීමේදී අති විශාල දුරක් ගෙවා පැමිණිය යුතුය.

2) ආයු සීමාව

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 100,200 පමණ ඈතින් ඇති ග්‍රහලෝකයක සිට ජීවීන් කොට්ටාෂයක් අප වෙත පැමිණියහොත් ඹවුන්ට අති විශාල කාල සීමාවක් අභ්‍යවකාශයේ ගෙවා දැමීමට සිදුවේ. එහිදී මුහුණ පෑමට සිදුවන ගැටලු නම් ජීවියකුගේ ආයු කාලය එතරම් විශාල නොවීමත් එපමණ කාලයක් තුල ජීවත් වීමට අවශ්‍ය ආහාර පාන ආදිය රැගෙන ඒමට සිදුවීමත්ය.

3)ඉන්ධන සීමාව

විශාල දුරක් ගෙවා පැමිණීමේදී ඉතා විශාල ඉන්ධන ප්‍රමාණයක් වැය කිරීමට සිදුවේ.එම ඉන්ධන ගබඩා කිරීමේදී ගැටළු ඇතිවේ.න්‍යෂ්ඨික ශක්ති‍ය භාවිත කලද එයද ඉතා විශාල ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත.

Thursday, September 10, 2015

" Area 51 " Pictures










‘වොයේජර්’ හා ‘පයනියර්’ යානා

අභ්‍යවකාශයේ ඈත කෙළවර බලා යන වොයේජර් සහ පයනියර් යානා ගමන් කරන්නේ පැයට සැතපුම් දස දහසක වේගයකිනි.
මේ ගවේෂණ යානා 4 අතරින් වඩාත් වේගයෙන් ගමන් කරන්නේ වොයේජර් 1 යානයයි.
එහි වේගය පැයට කිලෝමීටර 64,000 කි.
පයනියර් යානාවල පෘෂ්ඨයේ මතුපිට ගැහැනියකගේ සහ පිරිමියකුගේ රූප සිතුවම් කර තිබේ.
එමෙන්ම එම යානා සෞර ග‍්‍රහ මණ්ඩලයේ පෘථිවිය නමින් හැඳින්වෙන ග‍්‍රහලොවේ සිට පැමිණෙන යානා යැයි විස්තර ලියා තිබේ.
වොයේජර් යානා පිටසක්වළ ජීවීන් වෙනුවෙන් රැගෙන යන්නේ මීට වෙනස් ආකාරයේ පණිවිඩයකි.
ඒවායේ රන් ආලේපිත තඹ තහඩුවකින් ආවරණය කළ පටි ගත කරන හා වාදනය කරන යන්ත‍්‍රයක් (ටේප් රෙකෝඩරයක්) බැගින් ඇත.
ස්වයංක‍්‍රීයව කි‍්‍රයාත්මක වන අතර ඒවායෙහි පෘථිවි භාෂා 60 කින් පමණ පැවසෙන සුබ පැතුම් පණිවිඩ අඩංගුවේ. පෘථිවියේ වෙසෙන සතුන්ගේ හඬවල්ද එහි ඇත.


Wednesday, September 9, 2015

පිටසක්වළ ජීවය සොයා ගිය ගවේෂකයෝ

ක්ෂීර පථය කියන්නේ අපේ සෞර ග‍්‍රහ මණ්ඩලය අයත් වන මන්දාකිණියටයි.
තවත් මන්දාකිණි බිලියන ගණනාවක් විශ්වයේ තියෙනවා. ඒවා විවිධ හැඩයන්ගෙන් යුක්තයි.
අපේ චක‍්‍රාවාටය කෙතරම් විශාල ද යත් ඒ හරහා යන්නට ආලෝකයේ වේගයෙන් ගමන් කළොත් ආලෝක වර්ෂ අවුරුදු ලක්ෂයක් පමණ ගත වෙනවා.
ආලෝක වර්ෂයක් යනු ආලෝකය වසරක් තිස්සේ ගමන් කරන දුරයි.
ඒ දුර කිලෝ මීටර 9.4607 *1012 කි. (එනම් දළ වශයෙන් සැතැපුම් මිලියන මිලියන හයකි.) මෙය අති විශාල ප‍්‍රදේශයක් නිසා ඒ පුරා විසිරී පිහිටා ඇති ග‍්‍රහයන්, උපග‍්‍රහයන් හා චන්ද්‍රයන්ගේ විවිධාකාරයේ ජීවීන් සිටිය හැකි බවට අනුමාන කෙරෙනවා.
ඒ ගැන ගවේෂණය කරමින් දැනට ඈත විශ්වයේ ගමනේ යෙදෙන ගවේෂණ යානා 4 ක් තියෙනවා.
ඒවා තමයි ඇමෙරිකාවේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් අභ්‍යවකාශ ගත කර ඇති පයනියර් 10 සහ 11 යානාත්, වොයේජර් 1 සහ 2 යන යානා.
මෙම යානාවල පෘෂ්ඨයේ රූප සටහන් ඇඳ තිබෙනවා. එහි අරමුණ පෘථිවියේ වාසය කරන බුද්ධිමත් ජීවීන් වන අප ගැන විස්තර අප හා සමාන බුද්ධියක් හෝ අපට වඩා බුද්ධි මට්ටමකින් සමන්විත ජීවීන් කොට්ඨාශයක් ඇත්නම් ඒ ඔවුන්ගේ දැනගැනීම පිණිසයි.


Monday, September 7, 2015

සංඥාවේ අබිරහස විසඳෙයි

1968 වන විට ජොසලීන් බෙල්ට ලැබුණු LGM සංඥාවලට පිටසක්වළ ජීවීන්ගේ සම්බන්ධයක් නැති බව තහවුරු වුණා.
ඒ වසර තුළ දී පමණක් LGM සංඥාවලට සමාන සංඥා නිකුත් කරන වස්තූ ගණනාවක් ම සොයා ගනු ලැබුවා.
ඒවා නිකුත් වෙන්නේ ඉතා වේගයෙන් භ‍්‍රමණය වන නියුට්‍රෝන තාරකාවලින්.
අති ප‍්‍රබල ගුවන්විදුලි තරංග නිකුත් කරන ඒවා හැඳින්වෙන්නේ පල්සර් (Pulsar) කියායි.
විකිරණශීලී නියුට්‍රෝන තාරකාවල ජීවීන් සිටිත්දැයි විමසීම නිෂ්ඵල කාර්යයක්.
ඒ කෙසේවුවත් බෙල්ගේ හා හෙවිෂ්ගේ මෙම සංඥා සොයා ගැනීමෙන් ඒවා පිටසක්වළ ඉන්නා බුද්ධිමත් ජීවීන් නිකුත් කරන ඒවාදැයි සිතන්නට කවුරුනුත් පෙලඹුණේ එකල පැවති වාතාවරණය අනුවයි.
ස්පුට්නික් චන්ද්‍රිකාව අභ්‍යවකාශ ගත කර වසර 10ක්වත් ගත වී තිබුණේ නෑ.
ඒ වන විට ‘අභ්‍යවකාශ යුගය’ ආරම්භ වෙලා ලෝකයේ කාගේත් උනන්දුව ඒ වෙත යොමු වෙලා තිබුණා.
අජටාකාශගාමීන් අභ්‍යවකාශයට යන්න පටන් අරන් තිබුණා. මිනිසුන් රහිත යානා ග‍්‍රහයන් වෙත යවා තිබුණා.
‘ස්ටා ටෙ‍්‍රක්’ හා ‘ලොස්ට් ඉන් ස්පේස්’ වැනි රූපවාහිනී විද්‍යා ප‍්‍රබන්ධවලින් සාමාන්‍ය පේ‍්‍රක්ෂකයන් තුළ පවා විශ්වය ගැන විශාල උනන්දුවක් ඇති වී තිබුණා.
විශ්වයේ නව ගවේෂණ කෙරෙහි ලොව පුරා විද්‍යාඥයන් අතර ලොකු උද්යෝගයක් හා තරගයක් ආරම්භ වී තිබුණා.
මෙවන් තත්වයක් යටතේ පල්සර් තරුවලින් නිකුත් වූ විකිරණ තරංග බුද්ධිමත් ජීවීන්ගෙන් ලැබුණු සංඥා ලෙස වරදවා වටහා ගනු ලැබුවේ එදා පැවති තත්වය අනුවයි.

Sunday, September 6, 2015

විශ්වයෙන් ආ අබිරහස් සංඥාව

1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල්ට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.
ඇය නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීම් කරද්දී ඇගේ දුරේක්ෂ ලේඛයෙහි අපැහැදිලි යම් දෙයක් දිගින් දිගටම සටහන් වෙන්න පටන් ගත්තා.
බෙල් සහ ඇගේ උපදේශක ටෝනි හෙවිෂ් මුලින් සිතුවේ පෘථිවියේ ගුවන් විදුලි තරංග නිසා දුරේක්ෂයට එල්ල වූ බාධාවක් එලෙස සටහන් වන බවයි.
ඒ සංඥා ආයේ විශ්වයේ ඈත කොහේ හෝ ස්ථානයක සිටයි.
මේ සංඥා LGM කියන ඉංගී‍්‍රසි අකුරු තුනෙන් හඳුන්වන්න පටන් ගත්තා.
‘පුංචි කොළපාට කුරුමිට්ටන්’ යන අරුත් ඇති Little Green Men කියන වැකියේ මුල් අකුරු යොදා ගැනුණා.

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු පිටසක්වල අභිරහස් updated their cover photo...



අභිරහස අභිරහසක්ම තමයි

තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි.
ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි.
සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි.
පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ.
එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.


පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?

බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි.
ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය.
ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි.
ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි.
‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.






නස්කා නිම්නයේ නස්කාවරු

 ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ.
ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය.
නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

Saturday, September 5, 2015

මොනවද මේ නස්කා චිත‍්‍ර ?

පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත.
මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ.
පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි.
ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි.
රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි.
මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ.
අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා?
ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ?
දෙවියන්ට පෙනෙන්නද ?
කවුරුන්ද මේ දෙවියන් ?
නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?

අහම්බෙන් ඡායාරූපගත වුණු පියාඹන පීරිසි

මේ ෆොටෝස් දකින ඔයාලා,
මේ ෆොටෝස් ඇත්තද නැද්ද කියලා අහන්න නම් එපා. මොකද මේවා මම ගත්තු ඒවා නෙවෙයිනේ. කෝකටත් පහලින් මේ ෆොටෝ ටික බලන්නකෝ.







මේ ගැන ඔයාලගේ අදහස් Comment කරන්න.



අබිරහස් සංඥාව ගැන උනන්දුවක්

මෙම අලූත් සොයා ගැනීමත් සමඟ ලොව පුරා විද්‍යාඥයන් රැසක් කේම්බි‍්‍රජ් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය හා සම්බන්ධ වුණා.
ඒ ගැන තොරතුරු විමසන්න පටන් ගත්තා.
මෙසේ කාගේත් උනන්දුව වැඩි වීමත් සමඟ ජොසලීන් බෙල්ට මේ අබිරහස් සංඥාව හසුකර ගැනීමටත් ඒ හා සමාන තවත් සංඥා ඇත්දැයි සොයා බැලීමටත් ඇගේ කාලය වැඩිපුර යොමු කරන්න සිදු වුණා.
එදා තමා ඒ ගැන සතුටක් පළ නොකළ බව අතීත සිදුවීම් මෙනෙහි කරන බෙල් කියයි.
”ඒ කාලේ මම මගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් වෙහෙස මහන්සි වෙමිනුයි හිටියේ. මං තෝරා ගත්තේ නව තාක්ෂණයක්. ඒත් අන්තිමේදී මට ඒක කරදරයක් වුණා. විශ්වයේ ඈත සිටින පිටසක්වළ කොළපාට කුරුමිට්ටන් පිරිසක් මගේ සංඛ්‍යාතයත් මගේ ඇන්ටෙනාවත් යොදා ගත්තා අප සමඟ සන්නිවේදනය කරන්න”
1967 ජොසලීන් බෙල්ට ලැබුණු ඒ අබිරහස් සංඥාව කුමක්ද?
එය අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් පිරිසක් විසින් එවූ සංඥාවක්ද?

Friday, September 4, 2015

අබිරහස් සංඥාව පරීක්ෂා කෙරේ

මේ අබිරහස් සංඥාව තවදුරටත් පරීක්ෂා කිරීමේ දී ඔවුන්ට තවත් අපූරු දේවල් හෙළිකර ගැනීමට හැකිවුණා.
එය වඩාත් සුපරීක්ෂාකාරීව විමසද්දී ඔවුන්ට පෙනී ගියා, මෙම සංඥා නිකුත් වන්නේ අති සියුම් කාල පරාසයක් තුළ දී බව.
හරියටම මෙම සංඥා අතර කාලය තත්පරයකින් 3 යි 2/3ක පංගුවක්.
මේ අන්දමට ඉතාමත් නිවැරදිව, නිශ්චිතව සංඥාවක් නිකුත් කළ හැක්කේ කෙසෙද?
විශ්වයේ ඇති ස්වාභාවික ගුවන් විදුලි සංඥාවලින් මෙවැන්නක් නිකුත් විය හැකි ද?
1967 වසරේදී කාටවත් ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ.



ජොසලීන් බෙල්ගේ අපූරු අත්දැකීම

1967 වසරේ ගිම්හානයේ කේම්බි‍්‍රජ් සරසවියේ ගුවන් විදුලි තාරකා විද්‍යාව හදාරමින්, ආචාර්ය උපාධියට සූදානම් වෙමින් සිටි ජොසලීන් බෙල් නම් සිසුවියට ආචාර්ය උපාධි නිබන්ධනයේ කොටසක් ලෙස පැවරුණේ නවතම ගුවන් විදුලි තරංග දුරේක්ෂය යොදා ගනිමින් ග‍්‍රහලෝක අතර සහ ක්ෂීරපථයෙන් එපිට දීප්තිමත් විකිරණ ප‍්‍රභවයන් ගැන විමසීමක් කරන්නටයි.

‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවූ හැටි


‘සෙටී’ මෙහෙයුම කි‍්‍රයාවට නැංවෙන්නේ ලොව පුරා නොයෙක් ස්ථානවල ස්ථාපිත කර ඇති රේඩියෝ දුරේක්ෂ නැතහොත් ගුවන් විදුලි දුරේක්ෂ යොදා ගනිමිනි.
මෙම දුරේක්ෂ ආධාරයෙන් නිරතුරුව ම ඈත විශ්වයට තරංග හෝ සංඥා හෝ නිකුත් කර යැවෙනවා.
විශ්වයේ බුද්ධිමත් ජීවීන් ඇත්නම් මෙම සංඥා හඳුනා ගෙන, තේරුම් ගෙන ඔවුන් ප‍්‍රතිසංඥාවක් එවුවොත් එය සවන් දීමට හා ග‍්‍රහණය කිරීමට සූදානමින් සිටීම සෙටී මෙහෙයුමේ ප‍්‍රධානතම අරමුණයි.
දැනට කි‍්‍රයාත්මක මේ ‘සෙටී’ මෙහෙයුමේ ආරම්භයත් ඒ හා සම්බන්ධ සිදුවීම් හරිම අපූරුයි.

විශ්වයෙන් ආ අබිරහස් සංඥා


අපේ මේ විශ්වය කොතරම් විශාලද?
මේ විශ්වයේ සිටිනා බුද්ධිමත් ජීවීන් වන්නේ මනුෂ්‍යයන් පමණක්ද?
එහෙම නැත්නම් අපි විශ්වයේ පෘථිවිය නමින් හැඳින්වෙන මේ ග‍්‍රහලොවේ ජීවත් වන බුද්ධිමත් ජීවීන් කොට්ඨාශයක් පමණද?
පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන අපට විටින් විට අසන්න ලැබෙනවා. පිටසක්වළ යානා, පිටසක්වළ ජීවීන්ගේ ඡායාරූප විදෙස් පුවත් සේවා හරහා දකින්න ලැබෙනවා.
ශී‍්‍ර ලංකාවට ද පිටසක්වළ ජීවීන් පැමිණි බවට නොයෙක් නොයෙක් අවස්ථාවලදී අපට අසන්නට ලැබුණා.
පිටසක්වළ ජීවීන් හා පියාඹන පීරිසි ගැන ඇති උනන්දුව නිසාම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය පවා නිර්මාණය වෙනවා.
පොත්පත් සඟරා ආදිය පළ වෙනවා.
පිටසක්වළ ජීවීන් විසින් මිනිසුන් පැහැර ගෙන ගිය අවස්ථා සහ මිනිසුන් යොදා සිදු කළ විවිධ පර්යේෂණ ගැන අසන්න ලැබෙනවා.

මේ පිටසක්වල ජීවීන් කියන්නේ කවුද..??


ජීවය පවතින්නේ පෘතුවියේ පමනක් නම් මෙසේ පිටසක්වල ජීවීන් මනකල්පිතයක් ලෙස හැදින්විය හැක.
නමුත් එය එසේ නොවේ නම් නිමක් නොවන විශ්වයේ කුමන හෝ තැනක ඉන්නා ජීවීන් අපිට පිටසක්වල ජීවීන් ලෙස හදුන්වන්න පුලුවන්.
නමුත් මෙය මනකල්පිතයක් ලෙස හැදින්වීමට නොහැකි වන්නේ මෙම ජීවීන් පිලිබද සාක්ෂි තවමත් ඉතිරිව තිබෙන නිසාවෙනි.
මිනිසා කවර කලකදී ඇතිවූවක්ද යන්නට පිලිතුරක් සොයා යාමේදී ඊට කලින් මෙලොව ඉතා දියුණු ශිෂ්ටාචාරයක් තිබූ බවට සාධක හමුවීමෙන් එම ප්‍රශ්නයට පිලිතුරු සැපයීම ඉතාමත් අපහසු වී තිබෙනවා.

විශිමිත වූ ලෝකයේ නොවිසදුනු අභිරහස් කිහිපයක්


1. හිමාලයේ හිම මිනිසා

2. බර්මියුඩා ත්‍රිකෝණය

3. දිය කිදුරියන්

4. පුරාණ ඊජිප්තුව

5. ගීසාහි මහා පිරමීඩය